වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල සිදුකළ ඒකාබද්ධ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Operation Prism ලෙස නම් කර ඇති මෙම මෙහෙයුමට Australian Federal Police, Victoria Police, Tasmania Police සහ Australian Border Force එක්වුණා.
නීතිවිරෝධී දුම්කොළ වෙළඳාමෙන් ලැබුණු බවට සැක කෙරෙන මුදල් ටස්මේනියාවේ සිට වික්ටෝරියා වෙත රැගෙන යාම සම්බන්ධයෙන් මෙම විමර්ශන ආරම්භ වී ඇති බවටයි වාර්තා වන්නේ.
මෙහෙයුමේදී ඩොලර් මිලියන 2.5කට වැඩි වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්කොළ සොයාගැනීමට නිලධාරීන් සමත්වුණා.
එමෙන්ම ඩොලර් මිලියනයකට වැඩි මුදල් සහ රන් හා රිදී ඇතුළු වටිනා භාණ්ඩ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකුට අපරාධවලින් ලැබුණු ආදායම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර, තවත් සැකකරුවෙකුට ඉදිරියේදී චෝදනා ගොනු කිරීමට නියමිතයි.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා.









