ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් Aldi Australia විසින් භාණ්ඩ 300කට වැඩි ප්‍රමාණයක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම මිල අඩු කිරීම් අතර මස් වර්ග ඇතුළු දෛනික භාවිතයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ඇතුළත් වන අතර, පවුල්වල සාප්පු වියදම් අඩු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බව සදහන්.
Cost of Living අර්බුදය හේතුවෙන් ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමෙන් පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයන්ට මෙම තීරණය යම් සහනයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Aldi Australia පවසන්නේ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ගුණාත්මක භාණ්ඩ ලබාදීම සඳහා මෙම මිල සංශෝධන සිදුකරන බවයි.
මේ අතර, supermarket ක්ෂේත්‍රයේ මිල තරඟයද මේ සමඟ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, අනෙකුත් ප්‍රධාන වෙළඳසැල්ද මිල සහන ලබාදීම පිළිබඳව අවධානය යොමු කරමින් සිටිනවා.
ඔස්ට්‍රේලියානු පවුල් බොහෝ දෙනෙකු දෛනික වියදම් කළමනාකරණය කිරීමේ අභියෝගයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙම මිල අඩු කිරීම වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.
කෙසේවෙතත් ජීවන වියදම් අර්බුදය හමුවේ පාරිභෝගිකයන්ට සහන ලබාදීම සඳහා supermarket ආයතන ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය ඉදිරියටත් යොමුවනු ඇති.









