Melbourne සහ regional Victoria දුම්රිය ජාලයට අගෝස්තු 23 සිට නව කාලසටහනක් හඳුන්වාදීමට නියමිත අතර, සතියකට අමතර දුම්රිය ගමන්වාර 400කට වැඩි සංඛ්‍යාවක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.
Sandringham Line එකේ සතියේ දිනවල මධ්‍යහ්න කාලයේ දුම්රිය ගමන්වාර විනාඩි 15කට වරක් සිට විනාඩි 10කට වරක් දක්වා වැඩි කරන අතර, Sandringham සිට Melbourne හි බටහිර ප්‍රදේශ වෙත සෘජු දුම්රිය සේවාවක්ද ආරම්භ කිරීමට නියමිතයි.
Craigieburn Line එකට සතියකට අමතර ගමන්වාර 115ක්ද, Upfield Line එකට තවත් ගමන්වාර 77ක්ද එක් කරමින් දවසේ වැඩි කාලයක් දුම්රිය සේවා වේගවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Shepparton Line එකටද සතියකට අමතර ගමන්වාර 48ක් එක් කරන අතර, Wyndham Vale ප්‍රදේශයේ කාර්යබහුල වේලාවන්හි සේවා වැඩි කිරීමටත් දුම්රිය මැදිරි සංඛ්‍යාව වැඩි කර ධාරිතාව සියයට 50කින් ඉහළ නැංවීමටත් සැලසුම් කර ඇති බව සදහන්.
එමෙන්ම Seymour Line එකේ සති අන්ත දුම්රිය සේවා වැඩි කරමින් Geelong Line හි දුම්රිය ගමන්වාර 40ක් Waurn Ponds දක්වා දීර්ඝ කිරීමටද පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් සියලුම දුම්රිය මාර්ගවලට එකම ආකාරයේ වැඩි සේවා හිමි නොවන අතර, Alamein සහ Glen Waverley Lines සඳහා සැලසුම් කර ඇති වැඩිදියුණු කිරීම් 2027 දක්වා කල් දමා ඇති බව වාර්තා වෙනවා.
නව කාලසටහන මගින් මගීන්ට දුම්රිය සඳහා බලා සිටින කාලය අඩු කර ගමනාගමනය පහසු කිරීම අරමුණු කර ඇති අතර, මෙම නව සේවා අගෝස්තු 23 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.









