උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ Permanent Residents සඳහා බලපාන Resident Return Visa හෙවත් RRV ගාස්තුව විශාල ලෙස ඉහළ දැමීම ආපසු හරවන ලෙස ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ Subclass 155 සහ Subclass 157 Resident Return Visa සඳහා අය කරන ගාස්තුවේ සිදුවූ සියයට 200කට වැඩි වැඩිවීම නැවත සලකා බලන ලෙසයි.

Banner 01

2026 ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ නව ගාස්තුව යටතේ, බොහෝ අයදුම්කරුවන් සඳහා RRV ගාස්තුව ඩොලර් 490–495ක පමණ සිට ඩොලර් 1,475 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ආසන්න වශයෙන් සියයට 201ක වැඩිවීමක්.

Advertisement

RRV එක යනු, තම මුල් වීසා බලපත්‍රයට අදාළ travel facility කාලය අවසන් වූ පසුත් සුදුසුකම් ලබන Permanent Residentsට Permanent Resident තත්ත්වයෙන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉඩ ලබාදෙන වීසා බලපත්‍රයක්.

පෙත්සම්කරුවන් පවසන්නේ විදේශගතව සිටින පවුලේ සාමාජිකයන් බැලීමට යාම, වයස්ගත දෙමාපියන් රැකබලා ගැනීම, හදිසි පවුල් අවස්ථා සහ ජාත්‍යන්තර රැකියා කටයුතු වැනි හේතු නිසා Permanent Residentsට RRV අවශ්‍ය විය හැකි බවයි.

Advertisement

නව ගාස්තුව අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බව පවසන පෙත්සම, ගාස්තුව තීරණය කිරීමට භාවිත කළ processing costs, financial modelling සහ රජයට ලැබීමට අපේක්ෂිත ආදායම පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙසද ඉල්ලා තිබෙනවා.

එමෙන්ම Subclass 155 සහ 157 වීසා ගාස්තු සම්බන්ධයෙන් ස්වාධීන සමාලෝචනයක් සිදුකරන ලෙසත්, අනාගතයේදී මෙවැනි විශාල ගාස්තු වෙනස්කම් සිදුකිරීමට පෙර Permanent Residents සහ migrant communities සමඟ වැඩි සාකච්ඡාවක් පවත්වන ලෙසත් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සම 2026 සැප්තැම්බර් 2 වැනිදා රාත්‍රී 11.59ට අවසන් වීමට නියමිත අතර, දැනට අත්සන් 8,000කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ගාස්තු වැඩිවීම රජය ආරක්ෂා කරමින් පවසන්නේ වීසා ගාස්තුවලින් ලැබෙන අමතර ආදායම migration system reforms සහ අනෙකුත් රජයේ ප්‍රමුඛතා සඳහා යොදාගන්නා බවයි.

මේ අතර, සුදුසුකම් ලබන Permanent Residentsට අනාගතයේ RRV අවශ්‍යතාවයෙන් මිදීමට Australian Citizenship ලබාගැනීම විකල්පයක් ලෙස රජය පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, RRV ගාස්තුවේ දැවැන්ත වැඩිවීම Permanent Residents සහ migrant families අතර දැඩි අවධානයට ලක්ව ඇති අතර, පෙත්සම හරහා එම ගාස්තුව නැවත සලකා බලන ලෙස රජයට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි දෙමාපියන් තුළ පවතින විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින බව වාර්තා වනවා. මෑත කාලීන දත්තවලට...

මෙල්බන් නැගෙනහිර Westfield Knox සාප්පු සංකීර්ණයේ සිදුවූ මාරක රිය අනතුරකින් 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ අද...

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

Jetstar ගුවන් සේවය ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට යන මගීන්ට වැදගත් විශේෂ ගුවන් ප්‍රවේශපත්‍ර වට්ටමක් ආරම්භ කර තිබෙනවා. මෙම “Get Onboard...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

ඔස්ට්‍රේලියානු නිවාසවල විදුලි බිල අඩු කරගැනීමට Home Battery එකක් මුලින්ම සවි කිරීම හොඳම විසඳුම නොවන බව නව පර්යේෂණයකින් පෙන්වා දෙනවා....

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Resident Return Visa ගාස්තු අඩු කරන්න යයි ?

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom