උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

මෙල්බන්හි ආරක්ෂක උපකරණ නිෂ්පාදන සමාගමකට පසුගිය වසරේ එල්ල වූ ගිනි තැබීමේ ප්‍රහාරයක්, ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සලකා විමර්ශනය කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

Greensborough ප්‍රදේශයේ පිහිටි Lovitt Technologies සමාගමට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය වසරේ ජූලි 5 වැනිදායි.

Banner 01

Victoria Joint Counter Terrorism Team විසින් නිකුත් කළ නව දර්ශනවල, මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් පිරිසක් සමාගමේ දේපළවලට හානි කරමින් වාහන කිහිපයකට ගිනි තබන ආකාරය දැක්වෙනවා.

Advertisement

ඔවුන් ‘Death to Australia’යනුවෙන් ප්‍රකාශ කරන වීඩියෝ දර්ශන ද පොලිසිය විසින් මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා.

ප්‍රහාරයෙන් අනතුරුව අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහරිමින් ඔවුන් පවසා ඇත්තේ, ආරක්ෂක අංශ සඳහා ආයුධ කොටස් නිෂ්පාදනය කිරීම වහාම නතර කළ යුතු බවයි.

Advertisement

එසේ නොමැති නම් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට ද ඔවුන් තර්ජනය කර සිටිනවා.

Lovitt Technologies සමාගම Australian Defence Force සැපයුම් ජාලයේ කොටසක් බවට විශ්වාස කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අන්ත වාමාංශික, anarchist හෝ විප්ලවවාදී අදහස්වලින් පෙලඹුණු පිරිසක්ද යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකයි.

ප්‍රහාරයෙන් පසු සැකකරුවන් E-bikes මගින් පලාගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෝ දර්ශන ඇත්නම් ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර මෙම අපරාධයට වැරදිකරුවන් වන පිරිසට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවිය හැකි බවයි ෆෙඩරල් පොලිසිය අවධාරණය කරන්නේ.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී...

ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි දෙමාපියන් තුළ පවතින විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින බව වාර්තා වනවා. මෑත කාලීන දත්තවලට...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා. 26 හැවිරිදි Brian Charles...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන්හි ගිනි තැබීමේ සිද්ධියක් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස විමර්ශනයට

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom