උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වික්ටෝරියාවේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් වසර 20කට පසු පළමු වරට ආරක්ෂිත කාර්මික ක්‍රියාමාර්ගයක් ලෙස වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම වර්ජනය අගෝස්තු 13 වනදා පස්වරු 12.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර, එයට මෙල්බන්හි Royal Melbourne, Royal Children’s, Royal Women’s ඇතුළු ප්‍රධාන රෝහල් රැසක වෛද්‍යවරුන් එක්වීමට නියමිත බව සඳහන්.

Banner 01

වෛද්‍යවරුන් පවසන්නේ වැටුප් වැඩි කිරීම, සේවා කොන්දේසි වැඩිදියුණු කිරීම, අධික වැඩ බර අවම කිරීම සහ නොගෙවන අතිකාල සේවාවලට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බවයි.

Advertisement

මෙම කාර්මික ක්‍රියාමාර්ගය හේතුවෙන් හදිසි නොවන බාහිර රෝගී සායන, සැලසුම් කළ සැත්කම් සහ වෛද්‍ය හමුවීම් කිහිපයක් කල් දැමීමට හෝ නැවත කාලසටහන්ගත කිරීමට සිදුවිය හැකි බවටයි රෝහල් බලධාරීන් දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර අංශ, දැඩි සත්කාර ඒකක සහ ජීවිතාරක්ෂක සේවාවන් කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් එම අංශවල වෛද්‍යවරු වර්ජනයට එක් නොවන බවත් තහවුරු කර තිබෙනවා.

Advertisement

වික්ටෝරියා රජය සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ නියෝජිතයන් සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදුකරමින් පවතින අතර රෝගීන්ට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා රෝහල් සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

කෙසේවෙතත් වෛද්‍ය සංගම් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාම සහ රෝගීන්ට වඩාත් ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා මෙම ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය බවයි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ විදේශිකයන් විසින් නිවාස සහ නේවාසික දේපළ මිලදී ගැනීම සඳහා ලබාගත් අනුමැති සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2026...

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, දැනට...

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

ඔස්ට්‍රේලියාවේ ජාතික ශුද්ධ ණය පසුගිය දශකය තුළ දෙගුණ වී ඇති අතර, එය ජනගහනයට බෙදා බැලූ විට එක් පුද්ගලයෙකුට ආසන්නව ඩොලර්...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වසර 20කට පසු වැඩි පඩි ඉල්ලන වික්ටෝරියා වෛද්‍යවරුන්

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom