උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

නවසීලන්තයේ සාප්පු සවාරිය තවත් නව තාක්ෂණික යුගයකට රැගෙන යමින්, මුහුණ හෝ අත්ල පමණක් භාවිතා කර ගෙවීම් කළ හැකි නව EFTPOS පද්ධතියක් හඳුන්වා දී තිබේ. මෙම නව පද්ධතිය Verifone Victa නමින් හඳුන්වා දී ඇති අතර, අනාගතයේදී බැංකු කාඩ්පත් හෝ ජංගම දුරකථන රැගෙන යාමකින් තොරව ගෙවීම් කිරීමේ හැකියාව ලබාදීමට සැලසුම් කර ඇත.

මෙම උපාංගය මගින් ගනුදෙනුකරුවන්ගේ මුහුණ හෝ අත්ල හඳුනාගෙන ගෙවීම් සිදු කිරීම පමණක් නොව, වයස හඳුනාගැනීම, අනන්‍යතාව තහවුරු කිරීම සහ පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන් ස්වයංක්‍රීයව සම්බන්ධ කිරීමද සිදු කළ හැකිය.

Banner 01

කෙසේ වෙතත්, මෙම තාක්ෂණය සඳහා අවශ්‍ය සම්පූර්ණ ගෙවීම් යටිතල පහසුකම් නවසීලන්තයේ තවමත් සකස් කර නොමැති බව EFTPOS New Zealand පවසයි. එහෙත්, අනාගතයේදී මෙම පහසුකම ක්‍රියාත්මක කළ හැකි වන පරිදි නව උපාංග මේ වන විටත් සූදානම් කර ඇති බව සමාගම සඳහන් කරයි.

Advertisement

මෙම තාක්ෂණය හඳුන්වාදීමත් සමඟ පෞද්ගලිකත්වය සහ ජෛව දත්ත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නද මතුවී ඇත. ඒ පිළිබඳ අදහස් දක්වමින් EFTPOS New Zealand පවසන්නේ, පරිශීලකයන්ගේ මුහුණු හෝ අත්ල සම්බන්ධ ජෛව දත්ත ගෙවීම් යන්ත්‍ර තුළ ගබඩා නොවන බවත්, ඒවා අදාළ ඩිජිටල් සේවා සපයන්නන්ගේ ආරක්ෂිත පද්ධති තුළ පවතින පෞද්ගලිකත්ව නීති යටතේ ආරක්ෂා වන බවත්ය.

සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම තාක්ෂණය මගින් ගෙවීම් වඩාත් වේගවත් වන අතර, මත්පැන් සහ දුම්කොළ වැනි නිෂ්පාදන මිලදී ගැනීමේදී වයස හඳුනාගැනීමද පහසු වන බවයි. කෙසේ වෙතත්, මෙම පද්ධතිය භාවිතා කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණය එක් එක් වෙළඳ ආයතන විසින් ගනු ලබන අතර, එය ක්‍රමයෙන් නවසීලන්තය පුරා ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Advertisement


උණුසුම් පුවත්

මෙල්බන්හි ඉහළ ගිය නිවාස මිල සහ ජීවන වියදම් දරාගැනීමට අපහසු වූ 31 හැවිරිදි ඕස්ට්‍රේලියානුවෙකු අවසානයේ තායිලන්තයේ පදිංචියට යාමට තීරණය කර...

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, දැනට...

ඔස්ට්‍රේලියාවට මේ වසරේ වාර්තාගත ලෙස වැඩිම වැසි ලැබුණු El Niño වසරක් බවට පත්වීමට ඉඩ ඇති බව අද මාධ්‍ය වාර්තා කරනවා....

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීමට දැන් තනි ආදායමක් ලබන සේවකයෙකුගේ අතට ලැබෙන වැටුපෙන් අඩකටත් වැඩි මුදලක් වැය වන...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

Jetstar ගුවන් සේවය ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට යන මගීන්ට වැදගත් විශේෂ ගුවන් ප්‍රවේශපත්‍ර වට්ටමක් ආරම්භ කර තිබෙනවා. මෙම “Get Onboard...

ඔස්ට්‍රේලියාවේ ජාතික ශුද්ධ ණය පසුගිය දශකය තුළ දෙගුණ වී ඇති අතර, එය ජනගහනයට බෙදා බැලූ විට එක් පුද්ගලයෙකුට ආසන්නව ඩොලර්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නවසීලන්තයේ නව Face Recognition ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙයි

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom