ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියා සංචිත බැංකුව විසින් consumer credit cards සඳහා ඇති හුවමාරු ගාස්තු සීමාව 0.8% සිට 0.3% දක්වා අඩු කිරීමට යාමත් සමඟයි.
මෙම ගාස්තු අඩුවීම නිසා බැංකු වලට credit card points, sign-up bonuses සහ travel insurance වැනි වාසි සඳහා වැය කළ හැකි මුදල අඩුවනු ඇති.
දැනටමත් ප්‍රධාන බැංකු කිහිපයක් rewards cards වල points earn rates අඩු කිරීම, bonuses කුඩා කිරීම සහ ඇතැම් වාසි ඉවත් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තාව සඳහන් කරන්නේ.
පොයින්ට් හැක්ස් සමීක්ෂණයකට අනුව Credit Card භාවිතකරුවන්ගෙන් 55.4%ක්, තමන්ට ලැබෙන rewards අඩුවුවහොත් වෙනත් card එකකට මාරුවීමට සූදානම් බව පවසා තිබෙනවා.
RBA වෙනස 2026 ඔක්තෝබර් 1 සිට බලපාන අතර, දැනට තිබෙන හොඳ Credit Card offers කිහිපයක් සැප්තැම්බර් 30ට පෙර වෙනස් විය හැකි බවත් වාර්තාව පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් rewards Credit Cards සම්පූර්ණයෙන් අවසන් නොවන අතර, පොලී ගෙවීමට නොව මාසික ශේෂය සම්පූර්ණයෙන් ගෙවන අයට ඒවා තවමත් ප්‍රයෝජනවත් විය හැකි බවයි Point Hacks අවධාරණය කරන්නේ.









