ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය ලැබෙමින් තිබෙනවා.
නවතම සමීක්ෂණයකට අනුව, ප්‍රතිචාර දැක්වූ පාඨකයන්ගෙන් අඩක් පමණ මෙම යෝජනාවට සහය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂත්වය වන්නේ cigarette නොබොන පුද්ගලයන් අතරින්ද මෙම යෝජනාවට සහය පළ වී තිබීමයි.
One Nation යෝජනාව අනුව සුරාබදු බද්ද 75%කින් කපා, වසර තුනකට tax indexation එක නතර කිරීමට සැලසුම් කර තිබෙනවා.
එය ක්‍රියාත්මක වුවහොත් දැනට ඩොලර් 46.50ක් පමණ වන නීත්‍යානුකූල cigarette packet එකක් ඩොලර් 21–22ක් පමණ දක්වා අඩුවිය හැකියි.
Pauline Hanson පවසන්නේ නීති විරෝධී දුම්කොළ වෙළඳපොළ හා ඒ සමඟ සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අවම කිරීම මෙම යෝජනාවේ ප්‍රධාන අරමුණ බවයි.
කෙසේවෙතත් ෆෙඩරල් රජය සහ සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ cigarette මිල අඩු කිරීමෙන් දුම්වැටි නැවත වැඩිවීමේ අවදානමක් ඇතිවිය හැකි බවයි.









