ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි දෙමාපියන් තුළ පවතින විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින බව වාර්තා වනවා.
මෑත කාලීන දත්තවලට අනුව, පසුගිය වසර 5 තුළ තම දරුවන්ට නිවසේ සිටම උගන්වන (Homeschooling) දෙමාපියන්ගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංස්කෘතික සහ දේශපාලන මතවාද පාසල් විෂය නිර්දේශයන්ට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් තුළ ඇති දැඩි අප්‍රසාදය මීට ප්‍රධාන හේතුවයි.
සාම්ප්‍රදායික අධ්‍යාපනික කුසලතා වෙනුවට විවිධ දේශපාලන සහ සමාජීය මතවාදයන් දරුවන්ට ඉගැන්වීමට උත්සාහ කරන බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ.
එමෙන්ම, පාසල්වල විනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පවතින රෙගුලාසි නිසා දේශීය පාසල් පාලනාධිකාරීන්ට නිසි පියවර ගැනීමට නොහැකි වීම ද මෙම තත්ත්වයට බලපා තිබෙනවා.
මේ හේතුවෙන් තම දරුවන්ගේ අධ්‍යාපනය සහ යහපැවැත්ම උදෙසා බොහෝ දෙමාපියන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව නිවසේදීම උගන්වන ක්‍රමවේදයට යොමුවෙමින් සිටිනවා.
අධ්‍යාපන පද්ධතිය නැවතත් දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් සක්‍රීය නොකළහොත් මෙම ප්‍රවණතාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.









