උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

තායිලන්තයේ Pattaya ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්ට්‍රේලියානු ජාතිකයා පිළිබඳ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ ඇති බව තායිලන්ත පොලිසිය පවසනවා.

අදාළ තරුණියගේ මරණයට හේතුව ශ්වසන මාර්ගය සිරවීම බවයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ.

Banner 01

පසුගිය ජූනි මාසයේදී Pattaya වෙරළ ආසන්න දුම්රිය මාර්ගයක් අසල තිබී සොයාගත් සූට්කේසයක තිබී, Tunchanok Donhomla නමැති 17 හැවිරිදි තරුණියගේ සිරුර හමුවුණා.

Advertisement

මෙම ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි Simon Carman නමැති ඔස්ට්‍රේලියානු ජාතිකයා චෝදනා ලබා සිටින අතර ඔහු බැංකොක්හි Suvarnabhumi ගුවන්තොටුපළෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත්වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්වුණා.

Pattaya නගරයේ පොලිස් අධිකාරීවරයා වාර්තා කර ඇත්තේ මියගිය තරුණියගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඇගේ මරණයට සෘජු හේතුව හුස්ම හිරවීම බවයි.

Advertisement

මේ අතර ඇගේ සිරුරේ තිබී සැකකාර ඔස්ට්‍රේලියානු ජාතිකයාගේ DNA ද හමුවී තිබෙනවා.

මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති අතර, තම ආත්ම ආරක්ෂාව සඳහා ක්‍රියා කළ බවයි සැකකරු පවසා ඇත්තේ.

කෙසේ වෙතත්, ඔහුට එරෙහිව මිනීමැරීම, බාලවයස්කාරියක ලිංගික අරමුණු සඳහා පැහැර ගැනීම සහ මළසිරුර සඟවා තැබීම යන චෝදනා යටතේ නඩු පවරා ඇති අතර, තායිලන්ත නීතියට අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හෝ මරණ දඬුවම හිමිවීමේ අවදානමක් පවතිනවා.

මෙම නඩුවට අදාළ පොලිස් පරීක්ෂණ වාර්තා ඉදිරි දින කිහිපය තුළ නීතිපතිවරයා වෙත භාරදීමට ද තායිලන්ත පොලිසිය සූදානම් වනවා.


උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

ඔස්ට්‍රේලියාවට මේ වසරේ වාර්තාගත ලෙස වැඩිම වැසි ලැබුණු El Niño වසරක් බවට පත්වීමට ඉඩ ඇති බව අද මාධ්‍ය වාර්තා කරනවා....

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ...

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

තායිලන්තයේදී තරුණියක් ඝාතනය කළ ඔස්ට්‍රේලියානු ජාතිකයාට මරණ දඬුවම ?

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom