උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

පසුගිය වසරේ සිදුවූ බොන්ඩායි බීච් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ පවතින ගිනිඅවි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීම සඳහා Howard පාලන සමයේ ක්‍රියාත්මක වූ වැඩසටහනටත් වඩා දැවැන්ත ‘ගිනිඅවි ආපසු මිලදී ගැනීමේ’ ව්‍යාපෘතියක් අගමැති ඇන්තනි ඇල්බනීසි සහ නිව් සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම අලුත් සංශෝධන යටතේ ප්‍රාන්තයේ පවතින ගිනිඅවි 274,000ක් පමණ නැවත රජයට ලබාගැනීමට නියමිතයි.

Banner 01

මේ අතර, නොවැම්බර් 2 වනදා සිට අමතර ගිනිඅවි භාරදෙන පුද්ගලයින්ට ඩොලර් 1,000 දක්වා ද, ලබන වසර මුල සිට ඉහළ වටිනාකමකින් යුත් ගිනිඅවි සඳහා ඩොලර් 10,000 දක්වා ද මුදල් ගෙවීමට සැලසුම් කර තිබෙනවා.

Advertisement

මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන සිය ගණනක පිරිවැයක් වැයවන නමුත්, මහජන ආරක්ෂාව වෙනුවෙන් එය දැරිය යුතු බවයි ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මෙම පියවර දැඩි ලෙස විවේචනය කරමින් නිව් සවුත් වේල්ස් විපක්ෂ නායිකා Kellie Sloane සඳහන් කළේ, මෙය කිසිසේත්ම ත්‍රස්තවාදීන් හෝ සංවිධානාත්මක අපරාධකරුවන් වැළැක්වීමට සමත් විසඳුමක් නොවන බවයි.

Advertisement

මෙහිදී නීතිගරුක ගොවීන් සහ ක්‍රීඩා වෙඩික්කරුවන් ඉලක්ක කිරීම අසාධාරණ බව ද ඇය කියා සිටියා.

මේ අතර One Nation පක්ෂයේ නායිකා පෝලින් හැන්සන් සහ ගිනිඅවි හිමියන්ගේ සංගම් ද මෙම යෝජනාවට දැඩි විරෝධය පළකර තිබෙනවා.


උණුසුම් පුවත්

වන් නේෂන් නායිකා පෝලින් හැන්සන්, වාර්ගික වෙනස්කම් කිරීම පනතේ 18C වගන්තිය සම්බන්ධ නඩුව මහාධිකරණයට ගෙන යාමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් ජාලය ලෙස මැක්ඩොනල්ඩ්ස් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. රෝයි මෝගන් ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව,...

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි දෙමාපියන් තුළ පවතින විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින බව වාර්තා වනවා. මෑත කාලීන දත්තවලට...

ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා....

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ගිනිඅවි ආපසු මිලදී ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතියක්

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom