සිඩ්නිහි ප්‍රධාන පෙළේ පෞද්ගලික පාසලක් වන Scots Collegeහි සිසුන් තිදෙනෙකුට එරෙහිව ඇති ලිංගික අතවර චෝදනාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක මෙහෙයුම් අතරතුර, තවත් යෞවනයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 13ත් 17ත් අතර පසුවන මෙම යෞවනයින් ද එම පාසලේම සිසුන් බවට විශ්වාස කෙරෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ Dover Heightsහි පිහිටි සැකකාර සිසුවෙකුගේ නිවසකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුවයි.
අත්අඩංගුවට ගත් 5දෙනාගෙන් 4 දෙනෙකු චෝදනා නොමැතිව මුදාහැර ඇති අතර, 17 හැවිරිදි එක් සිසුවෙකුට ඇප කොන්දේසි කඩකිරීම සහ පොදු ස්ථානයක පිහියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබෙනවා.
පසුගිය ජූලි මාසයේදී Bondi Junction ප්‍රදේශයේදී යොවුන් තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් අවුරුදු 13ක සිසුවෙකු සහ 14 හැවිරිදි සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගැණුනා.
ඔවුන් ලබන 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර මෙම සිද්ධියත් සමඟ කැලඹීමට පත්ව ඇති පාසල් ප්‍රජාවට සහ දෙමාපියන්ට ලිපියක් යොමු කරමින් විදුහල්පති Dr Ian Lambert දැඩිව අවවාද කර ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ල කිරීමෙන් හෝ ස්වයං සංවිධානය වී නීතිය අතට ගැනීමෙන් වළකින ලෙසයි.









