ඔස්ට්‍රේලියාවේ විදෙස් සිසුන්ට ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් අලුත් රැකියා අවස්ථා විවෘත කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මේ වනවිට සේවකයින් 83,000කට ආසන්න හිඟයක් පවතින බවයි වාර්තා වෙන්නේ.
මෙම හිඟය පිරවීම සඳහා විදෙස් සිසුන් සහ තාවකාලික වීසා හිමියන්ට පුහුණු රැකියා අවස්ථා ලබාදීමට අවසර දිය යුතු බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන සංවිධාන රජයෙන් ඉල්ලා තිබෙනවා.
Master Builders Australia සහ Housing Industry Association ඇතුළු සංවිධාන මේ සම්බන්ධයෙන් රජයට යෝජනා ඉදිරිපත් කර ඇති බව සඳහන්.
දැනට බොහෝ ආධුනිකත්ව වැඩසටහන් සඳහා ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට වැඩි අවස්ථාවක් හිමිවෙනවා.
නව යෝජනා ක්‍රියාත්මක වුවහොත්, ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා හදාරන විදෙස් සිසුන්ට රැකියා අත්දැකීම් සහ දිගුකාලීන රැකියා අවස්ථා ලබාගැනීමට හැකිවනු ඇති.
කෙසේ වෙතත්, මේවා තවමත් යෝජනා පමණක් වන අතර රජය විසින් නිල තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.









