Victoria හි රියදුරන්ට තම vehicle registration ගාස්තුවෙන් ඩොලර් 186ක් දක්වා ආපසු ලබාගැනීම සඳහා අයදුම් කිරීමට ලබන අගෝස්තු 31 දක්වා කාලය ලබාදී තිබෙනවා.
Victoria රජයේ මෙම rebate වැඩසටහන යටතේ මේ වන විට මිලියන 3.6කට වැඩි රියදුරන් පිරිසක් ප්‍රතිලාභ ලබාගෙන ඇති අතර, සමස්තයක් ලෙස ඩොලර් මිලියන 600කට වැඩි මුදලක් රියදුරන් වෙත ආපසු ලබාදීමට අපේක්ෂා කෙරෙනවා.
සුදුසුකම් ලබන රියදුරන්ට Service Victoria වෙබ් අඩවිය හරහා online අයදුම් කර මෙම rebate මුදල ලබාගැනීමට හැකියාව තිබෙනවා.
ජීවන වියදම් ඉහළ යාම හමුවේ Victorian පවුල් සහ රියදුරන්ට මූල්‍ය සහනයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව Victoria රජය පවසනවා.
මේ වන විටත් rebate මුදල ලබාගෙන නොමැති සුදුසුකම් ලත් රියදුරන් අගෝස්තු 31ට පෙර අයදුම් කරන ලෙස දැනුම් දී ඇති අතර, අවසන් දිනයෙන් පසු මෙම අවස්ථාව අහිමි විය හැකි බවද සඳහන් කරනවා.
ඒ අනුව Victoria හි වාහන හිමියන් තම සුදුසුකම් පරීක්ෂා කර, නියමිත කාලය තුළ අයදුම් කිරීම වැදගත් වනවා.









