ඔස්ට්‍රේලියාවේ 2026–27 Skilled Migration State Nomination වැඩසටහන් ආරම්භ වන දිනය පිළිබඳ බොහෝ දෙනා බලා සිටියද, අද ජූලි 31 වන විට ප්‍රධාන ප්‍රාන්ත කිහිපයක් තවමත් නව Registrations of Interest (ROI) භාරගැනීම ආරම්භ කර නැහැ.
Victoria සඳහා Subclass 190 සහ Subclass 491 State Nomination වැඩසටහනද තවම විවෘත කර නොමැති අතර ඒ අනුව නව ROI ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පිරිසට, වැඩසටහන විවෘත කරන දිනය සහ නව සුදුසුකම් ප්‍රකාශයට පත් කරන තෙක් රැඳී සිටීමට සිදුව තිබෙනවා.
South Australia ද මේ වන විට Skilled ROI සහ General Skilled Migration අයදුම්පත් භාර නොගන්නා අතර, 2026–27 වැඩසටහන ආරම්භ වූ පසු සුදුසුකම් සපුරන අපේක්ෂකයන්ගෙන් නැවත ROI භාරගැනීම ආරම්භ කිරීමට නියමිතයි.
මේ අතර Tasmania වෙත 2026–27 වසර සඳහා State Nomination ස්ථාන 2,050ක් වෙන් කර තිබෙනවා.
එයින් Subclass 190 සඳහා ස්ථාන 1,250ක් සහ Subclass 491 සඳහා ස්ථාන 800ක් වෙන් කර ඇති අතර, නව ROI භාරගැනීම ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, අද වන විටත් වැඩසටහන සම්පූර්ණයෙන් විවෘත කර නැහැ.
ඒ අනුව Tasmania සඳහා නව සුදුසුකම්, occupation priorities සහ application guidelines ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
State Nomination බලාපොරොත්තුවෙන් සිටින අය තම SkillSelect EOI, English test ප්‍රතිඵල, Skills Assessment, රැකියා අත්දැකීම් සහ අනෙකුත් supporting documents යාවත්කාලීන කර තබාගැනීම වැදගත්.
එමෙන්ම සමාජ මාධ්‍ය හෝ විවිධ migration groupsවල සංසරණය වන තහවුරු නොකළ තොරතුරු වෙනුවට, Department of Home Affairs සහ අදාළ State Government වෙබ් අඩවිවල නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස අයදුම්කරුවන්ට උපදෙස් ලබාදී තිබෙනවා.









