2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, Centrelink ප්‍රතිලාභ ලබන මිලියන 5.3ක ජනතාවගේ දීමනා මෙහිදී ඉහළ නැංවීමට නියමිතයි.
මේ සඳහා රජයේ අයවැයෙන් ඩොලර් බිලියන 4ක මුදලක් වෙන්කර තිබෙනවා.
මෙම සංශෝධනයට අනුව Age Pension දීමනාව 3.2%කින් ඉහළ යන අතර, සතියකට ලැබෙන මුදල ඩොලර් 35.10කින් වැඩිවී, දෙසතියකට ලැබෙන සමස්ත දීමනාව ඩොලර් 1135.40 දක්වා ඉහළ යනවා.
JobSeeker සහ Abstudy දෙසතියකට ඩොලර් 16.20කින් ඉහළ ගොස් ඩොලර් 824.90 දක්වා වැඩි වන අතර Youth Allowance දෙසතියකට ඩොලර් 20.90කින් ඉහළ ගොස් ඩොලර් 1068.20 දක්වා ඉහළ යනු ඇති.
Parenting Payments දීමනාව ද දෙසතියකට ඩොලර් 20.30කින් වැඩිවී ඩොලර් 1037.50 දක්වා ද Rent Assistance දෙසතියකට ඩොලර් 4.40කින් වැඩිවී ඩොලර් 223.80 දක්වා ද ඉහළ යනවා.
මේ අතර, සැප්තැම්බර් 1 වනදා සිට Australia Post තැපැල් ගාස්තු ශත 15කින් ඉහළ යන අතර, මුද්දරයක නව මිල ඩොලර් 1.85ක් වනු ඇති.
මේ අතර, උද්ධමනය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කරන බැවින්, සැප්තැම්බර් මාසයේදී සංචිත බැංකුව (RBA) විසින් නය පොලී අනුපාත (Interest Rates) නැවත ඉහළ නැංවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව වාර්තා වනවා.









