ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් ජාලය ලෙස මැක්ඩොනල්ඩ්ස් පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
රෝයි මෝගන් ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව, වයස අවුරුදු 14ට වැඩි ඔස්ට්‍රේලියානුවන් අතරින් මිලියන 11.3කට වැඩි පිරිසක් සාමාන්‍ය මාස හයක කාලයකදී මැක්ඩොනල්ඩ්ස් වෙතින් ආහාර ලබාගෙන තිබෙනවා.
දෙවැනි ස්ථානයට කේ.එෆ්.සී. පත්ව ඇති අතර, එහි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 10.3ක් පමණ වන බව වාර්තා වෙනවා.
හන්ග්‍රි ජැක්ස් මිලියන 6.3ක පමණ පාරිභෝගිකයන් සමඟ තුන්වැනි ස්ථානයටත්, ඩොමිනෝස් පීසා මිලියන 5.2ක් සමඟ සිව්වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා.
ඊට පසුව සබ්වේ, ගුස්මාන් වයි ගෝමස්, රෙඩ් රූස්ටර්, ග්‍රිල්ඩ්, පීසා හට් සහ ඔපෝටෝ යන අවන්හල්ද ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් අතර ඉහළින් සිටිනවා.
වාර්තාව අනුව ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 14ට වැඩි පුද්ගලයන්ගෙන් මිලියන 19.2ක්, එනම් සියයට 82.5ක් පමණ, සාමාන්‍ය මාස හයක කාලයකදී ක්ෂණික ආහාර ලබාගෙන තිබෙනවා.
විශේෂත්වය වන්නේ විවිධ වයස් කාණ්ඩ අතරම මැක්ඩොනල්ඩ්ස් ජනප්‍රියම තේරීම වී ඇති අතර, තරුණ සහ මැදි වයස් පාරිභෝගිකයන් අතරත් එයට ඉහළ ජනප්‍රියතාවක් තිබීමයි.









