උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 10ක් හරහා ඩොලර් මිලියන සිය ගණනක් වටිනා සැකකටයුතු නිවාස ණය ලබාගෙන ඇති බව AUSTRAC විසින් සිදුකළ විශේෂ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Operation Claw ලෙස නම්කර ඇති මෙම පරීක්ෂණයේදී හඳුනාගෙන ඇත්තේ, විශේෂයෙන් Sydneyහි දේපළ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සිදුකළ නිවාස ණය වංචා සහ බැංකු ණය ලබාදීමේ ක්‍රමවේදවල දුර්වලතා පවතින බවයි.

Banner 01

මෙවැනි ණය අයදුම්පත්වලදී ආදායම වැඩි කර පෙන්වීම, රැකියා තොරතුරු වැරදි ලෙස ඉදිරිපත් කිරීම සහ ව්‍යාපාරික ආදායම් සම්බන්ධ ව්‍යාජ තොරතුරු ලබාදීම සිදුව ඇති බව AUSTRAC පවසනවා.

Advertisement

ඇතැම් අවස්ථාවල විදේශයන්ගෙන් හෝ වෙනත් තෙවන පාර්ශ්වයන්ගෙන් ලැබුණු මුදල් දේපළ ගනුදෙනු අවසන් කිරීම සහ නිවාස ණය වාරික ගෙවීම සඳහා භාවිත කර ඇති බවද අනාවරණය වී තිබෙනවා.

AUSTRAC පවසන්නේ මෙම පරීක්ෂණයෙන් ඔස්ට්‍රේලියාව පුරා විශාල පරිමාණයේ මුදල් විශුද්ධිකරණයක් සිදුවන බවට සාක්ෂි හමු නොවූ නමුත්, හෙළිවූ දුර්වලතා අපරාධකරුවන්ට මූල්‍ය පද්ධතිය අයුතු ලෙස භාවිත කිරීමට ඉඩ සැලසිය හැකි බවයි.

Advertisement

මෙම පරීක්ෂණයට ATO, NSW Police, NSW Crime Commission, Australian Criminal Intelligence Commission, APRA සහ ASIC ඇතුළු ආයතනද එක්ව කටයුතු කර තිබෙනවා.

ව්‍යාජ ලේඛන භාවිත කර නිවාස ණය අයදුම් කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අදාළ බලධාරීන් වෙත යොමු කර ඇති අතර, බැංකු සිය ණය අනුමත කිරීමේ පරීක්ෂණ තවත් දැඩි කළ යුතු බවයි AUSTRAC අනතුරු අඟවන්නේ.


උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne නගරයේ වේගයෙන් සංවර්ධනය වන බටහිර ප්‍රදේශයට නව suburb එකක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Melton East ප්‍රදේශය...

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ...

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික, ප්‍රජා සහ ප්‍රාදේශීය සංවිධාන එකතුවක් රජයෙන් ජාතික සංක්‍රමණ සමුළුවක් කැඳවන ලෙස ඉල්ලා තිබෙනවා. ඔවුන් පවසන්නේ skilled migration, regional...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

බොරු ආදායම් පෙන්වා ගත් නිවාස ණය හෙළිවෙයි

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom