ඔස්ට්‍රේලියාව පුරා සුපිරි වෙළඳසැල්වල භාණ්ඩ මිල නිරීක්ෂණය කිරීමට සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ සහාය තවදුරටත් වැදගත් වී තිබෙනවා.
Coles, Woolworths, ALDI සහ IGA වැනි වෙළඳසැල්වල කිරි, පාන්, බිත්තර, සහල්, පැස්ටා, පලතුරු සහ එළවළු වැනි දිනපතා භාවිත කරන භාණ්ඩවල මිල සැසඳීමක් සිදුකර තිබුණා.
ඒ අනුව CHOICE සිදුකළ නවතම සමීක්ෂණයකදී භාණ්ඩ 16ක සාමාන්‍ය basket එක ALDI හි $68.80ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
එම භාණ්ඩම Woolworths හි $77.53ක්, Coles හි $78.58ක් සහ IGA හි $91.65ක් බව සමීක්ෂකයින් පවසනවා.
මෙවැනි මිල සසඳීම් සඳහා රට පුරා විවිධ වෙළඳසැල්වල මිල තොරතුරු ලබාගැනීම අවශ්‍ය නිසා පාරිභෝගික ජනතාවගේ සහායත් වැදගත් වෙන බවයි CHOICE පෙන්වාදෙන්නේ.
මේ අතර ජූලි 1 සිට Coles සහ Woolworths වැනි විශාල supermarket සමාගම් අධික ලෙස සිල්ලර භාණ්ඩ මිල නියම කිරීම තහනම් කරන නව නීතිද ක්‍රියාත්මක වී තිබෙනවා.
ජීවන වියදම් ඉහළ මට්ටමක පවතින නිසා, එකම භාණ්ඩය මිලදී ගැනීමට පෙර වෙළඳසැල් කිහිපයක මිල සසඳා බැලීමෙන් පවුල්වලට සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැකි බවයි පාරිභෝගික සංවිධාන පෙන්වා දෙන්නේ.









