2026 FIFA ලෝක කුසලාන තරගාවලියේ විශ්වාසනීයත්වය සහ ක්‍රීඩාවේ නීතිමය ස්වාධීනත්වය සම්බන්ධයෙන් යුරෝපා කවුන්සිලය බරපතළ ප්‍රශ්න මතු කර තිබෙනවා.
රටවල් 46ක් නියෝජනය කරන යුරෝපා කවුන්සිලයේ ප්‍රධානී Alain Berset සඳහන් කර ඇත්තේ, මුදල් සහ බලය FIFA සංවිධානයට මෙන්ම ලෝක කුසලානයට ද විශාල අර්බුදයක් බවට පත්ව ඇති බවයි.
අමෙරිකානු ක්‍රීඩක Folarin Balogunට පනවා තිබූ තරග තහනම, අමෙරිකානු ජනාධිපති Donald Trumpගේ බලපෑමෙන් තාවකාලිකව අත්හිටුවීම දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
FIFA එම තීරණයට අදාළ සම්පූර්ණ හේතු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවද වාර්තා වනවා.
එමෙන්ම ලෝක කුසලානයට අදාළ ඔට්ටු සහ අනාවැකි වෙළෙඳපොළක් සමඟ FIFA අත්සන් කළ විශාල අනුග්‍රාහක ගිවිසුමක් ද වංචා අවදානම් ඇති කළ හැකි බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ක්‍රීඩකයන්ට එරෙහි ජාතිවාදී අපහාස, විනිසුරුවන්ගේ බලය පිළිබඳ සැක සහ තරගයක සෑම සිදුවීමක්ම ඔට්ටු සඳහා භාවිත කිරීම වැනි කරුණු ද ලෝක කුසලානයේ විශ්වාසය පළුදු කළ බවයි යුරෝපා කවුන්සිලය පෙන්වා දෙන්නේ.
2030 ලෝක කුසලානයට පෙර FIFA සමඟ එක්ව වඩාත් ශක්තිමත් විනිවිදභාවය, වගකීම සහ ක්‍රීඩා සදාචාරය තහවුරු කරන නව ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද Alain Berset ඉල්ලා තිබෙනවා.
කෙසේවෙතත් ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් 2026 ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා.









