උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

sri lankan student

Australian Bureau of Statistics හි 2021 Census දත්ත අනුව, ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලංකාවේ උපන් ජනතාව අධ්‍යාපනය, රැකියා සහ ආදායම් අංශ කිහිපයකම කැපී පෙනෙන මට්ටමක සිටිනවා.

වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී ලංකාවේ උපන් පුද්ගලයන්ගෙන් 47.8%කට Bachelor Degree හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබා තිබූ අතර, එය Australia-born ජනගහනයේ 22.7%ට වඩා දෙගුණයකට ආසන්නයි.

Banner 01

රැකියා කරන ශ්‍රී ලංකාවේ උපන් අයගෙන් 32.5%ක් Professionals ලෙස සේවය කළ අතර, Australia-born ජනගහනයේ එම අගය 22.5%ක් පමණයි.

Advertisement

ශ්‍රී ලංකාවේ උපන් අයගේ රැකියා බලකා සහභාගීත්වය 71.9%ක් ලෙස වාර්තා වී ඇති අතර, එය Australia-born සහ සමස්ත overseas-born ජනගහනයට වඩා ඉහළ අගයක් වනවා.

ඒ අතර රැකියා කරන ශ්‍රී ලංකාවේ උපන් අයගෙන් 60.5%ක් පූර්ණකාලීන රැකියාවල නිරතව සිටිනවා.

Advertisement

ඔවුන්ගේ සතිපතා මධ්‍ය ආදායම ඩොලර් 938ක් ලෙස වාර්තා වූ අතර, Australia-born ජනගහනයේ එය ඩොලර් 823ක් සහ සමස්ත Australia ජනගහනයේ ඩොලර් 805ක් පමණ වූ බවයි සංඛ්‍යා ලේඛන දත්තවල දැක්වෙන්නේ.

නිවාස අංශයෙන්ද ශ්‍රී ලංකාවේ උපන් පවුල්වලින් 47.2%ක් mortgage එකක් සමඟ තමන්ගේම නිවාසවල ජීවත් වූ බව ABS දත්ත පෙන්වනවා.

මෙම සංඛ්‍යා අනුව, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව අධ්‍යාපනය, වෘත්තීය රැකියා, ආදායම සහ නිවාස හිමිකාරිත්වය යන අංශවල ශක්තිමත් ප්‍රගතියක් පෙන්නුම් කරන බව පැහැදිලියි.

 


උණුසුම් පුවත්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...

Brisbane හි බටහිර ප්‍රදේශයේ Brookfieldහි 23 හැවිරිදි කාන්තාවකට සිදු වූ බව කියන ලිංගික ප්‍රහාරයකින් පසු, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ...

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන Colesහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckertගේ වාර්ෂික ප්‍රසාද දීමනාවලින් ඩොලර් 4,14,000ක මුදලක් කපා...

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අධ්‍යාපනයෙන්, රැකියාවෙන් සහ ආදායමෙන් ඔස්ට්‍රේලියාවේ කැපී පෙනෙන ශ්‍රී ලාංකිකයන්

sri lankan student

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom