Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
ෆෙඩරල් රජයේ ‘Sustainable Communities’ වැඩසටහන යටතේ ලැබෙන මෙම අරමුදල් ප්‍රාන්තයේ කෘෂිකර්ම ක්ෂේත්‍රය, ජල ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සභා අතර බෙදා හැරීමට නියමිතයි.
එමගින් ජල මිලදී ගැනීම් හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ගොවීන්ට සහ ප්‍රදේශවාසීන්ට සහන සැලසීමට අපේක්ෂා කරන බවයි වික්ටෝරියා ජල අමාත්‍ය Michaela Settle ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, මෙම මුදල් බෙදාහැරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා 7ක් සිය කනස්සල්ල පළකර තිබෙනවා.
අදාළ මුදලින් වැඩි කොටසක් රජයේ යාන්ත්‍රණයට (Bureaucracy) වැයවී අපතේ යනු ඇතැයිද, ප්‍රාදේශීය සභාවලට සෘජුවම අරමුදල් ලැබිය යුතු බව ද ප්‍රාදේශීය නායකයින් පෙන්වා දෙනවා.
එසේ වුවද, අරමුදල් බෙදාහැරීමේ සැලසුම් ප්‍රමාද කිරීමට හෝ නතර කිරීමට කිසිදු සූදානමක් නැති බවත්, ප්‍රජාවට අවශ්‍ය සහන හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් ජල අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළා.









