වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට් 2ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂිතයි.
එය වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස ලක්ෂ 15කට අධික ප්‍රමාණයකට වසර පුරා අවශ්‍ය විදුලිය සැපයීමට ප්‍රමාණවත් වනවා.
Gippsland සහ Warrnambool යන වෙරළාශ්‍රිත කලාප මුල් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ඉදිරියේදී වසා දැමීමට නියමිත ගල් අඟුරු බලගාර වෙනුවට පරිසර හිතකාමී සහ විශ්වාසදායක පුනර්ජනනීය බලශක්තිය ලබාදීමට නියමිතයි.
එමෙන්ම, මෙමගින් ප්‍රාන්තය පුරා නව රැකියා දහස් ගණනක් නිර්මාණය වන අතර දැවැන්ත ආයෝජනයන් ද ප්‍රාන්තයට ලැබෙනු ඇතැයි වික්ටෝරියා බලශක්ති අමාත්‍ය Jaclyn Symes සඳහන් කළා.
මෙම වෙන්දේසි ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් වන සමාගම්වලට ලංසු තැබීමට වසරක කාලයක් හිමිවන අතර, අදාළ කොන්ත්‍රාත්තු 2028 වසරේදී ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉලක්කය වන්නේ 2032 වන විට Offshore Wind ධාරිතාව ගිගාවොට් 2 දක්වාත්, 2040 වන විට එය ගිගාවොට් 9 දක්වාත් ඉහළ නැංවීමයි.









