දකුණු ආසියානු රටකට ඔස්ටේ්‍රලියාවෙන් වැඩිපුර refugee වීසා

ගතවූ වසරක කාලය තුළ ඔස්ටේ‍රලියාවේ සරණාගතභාවය පතා ඇෆ්ඝන් ජාතිකයන්ගෙන් වීසා අයදුම්පත් 48,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

ඉන් 31,500 කට පමණ දැනටමත් සරණාගත වීසා නිකුත් කර ඇති බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මින් 1100 කට ස්ථිර පදිංචි වීසා නිකුත් කර තිබෙනවා.

කාබුල් අගනුවර තලේබාන් පාලනයට නතුවී ඊයේ දිනයට වසරක කාලයක් සම්පූර්ණ වුණා.

මින් ඉදිරියටත් සරණාගත වීසා පිරි නැමීමේදී ඇෆ්ඝන් ජාතිකයන්ට ප්‍රමුඛතාවය දෙන බවයි සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් සඳහන් කලේ.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »