ඔස්ටේ්‍රලියාවේ වැඩියෙන්ම කාර් හොරකම් සිදුවන නගර ලැයිස්තුව එළි දකී

ඔස්ටේ්‍රලියාවේ වැඩියෙන්ම මෝටර් රථ සොරකම් සිදුවන නගරය බවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අගනුවර වන බ්‍රිස්බන් පත්වී තිබෙනවා.

ගෙවීගිය 2021 වසරේදී එහි මෝටර් රථ සොරකම් 15,800 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

දෙවන ස්ථානයට මෙල්බන් නගරය පත්ව සිටින්නේ මෝටර් රථ සොරකම් 15,353 ක් සමගිනුයි.

මෝටර් රථ සොරකම් 10,473 ක් වාර්තා වූ සිඩ්නි නගරය 03 වන ස්ථානයට පත්ව තිබෙනවා.

පසුගිය වසරේදී අඩුම මෝටර් රථ සංඛ්‍යාවක් සොරකම් කර ඇත්තේ ටස්මේනියාවේයි.

කෙසේවෙතත් වාහන 1000 කට සිදුවන සොරකම් සංඛ්‍යාව සැළකීමේදී වැඩිම අනුපාතයක් පෙන්නුම් කර ඇත්තේ Northern Territory ප්‍රාන්තයයි.

Rank State Total motor vehicle thefts Motor vehicle thefts per 1000 vehicles registered
1 Queensland 15,805 3.7
2 Victoria 15,353 3
3 New South Wales 10,473 1.8
4 Western Australia 6215 2.7
5 South Australia 3454 2.3
6 Northern Territory 1639 10.1
7 Australian Capital Territory 1423 4.5
8 Tasmania 1065 2.1

 

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »