ගෝඨාගේ සිංගප්පූරු හෝටල් බිල මිලියන 67 යි ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ ගත කළ කාලයේ දී, සිය හෝටල් බිල ලෙස රුපියල් මිලියන 67ක මුදලක් ගෙවා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා.

පසුගිය 11 වැනි දා තායිලන්තය බලා පිටත්ව යන තෙක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ සිංගප්පූරුවේ මරිනා බේ සෑන්ඩ්ස් හෝටලයේ නවාතැන් ගෙන සිට ඇත.

හෝටලයේ නවාතැන් ගාස්තුව ලෙස වැය වූ රුපියල් මිලියන 67ක මුදල ගෙවා ඇත්තේ ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති විසින් බවයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

කෙසේ නමුත් මේ විට තායිලන්තයට ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා, එරට පිහිටි ආගමික සිද්ධස්ථාන වැඳ පුදාගැනීමට යාමට, තායිලන්ත රජයෙන් අවසර ඉල්ලා ඇතත්, මෙතෙක් ඒ සඳහා අවසර ලබාදී නොමැති බවද, වැඩිදුරටත් අනාවරණය වෙනවා.

පසුගිය දා තායිලන්තයේ බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේ, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට නවාතැන් ගෙන සිටින හෝටල් පරිශ්‍රයෙන් පිටතට නොයන ලෙස තායිලන්ත බලධාරීන් විසින් උපදෙස් දී ඇති බවයි.

(Hiru News)

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »