ලංකාවේ පවුල් 10 කින් 03 ක් මීලග ආහාර වේල ලැබීම පිළිබඳ අවිනිශ්චිත තත්වයක – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවේ පවුල් 10 කින් 03 ක් මීලග ආහාර වේල ලැබීම පිළිබඳ අවිනිශ්චිත තත්වයක

ලංකාවේ පවුල් 10 කින් 03 ක් මීලග ආහාර වේල ලැබීම පිළිබඳ අවිනිශ්චිත තත්වයක

ඉහළ යන උද්ධමනය සහ ආහාර මිළ ගණන් හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 6.26 ක් හෙවත් සෑම පවුල් 10 කින් 03 ක් මීලග ආහාර වේල ලැබීම පිළිබඳ අවිනිශ්චිත තත්වයක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධිනය පවසනවා.

ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ ලෝක ආහාර සංවිධානය ඊයේ නිකුත් කල නවතම ආහාර සුරක්ෂිතතා වාර්තාව පදනම් කරගෙනයි.

සමස්ත පවුල්වලින් සියයට 61 ක් ආහාර වියදම් කපා හැරීමට පෙළඹී ඇති බවද පෝෂණීය ආහාර ගැනීම සහ ආහාර ප්‍රමාණය අඩු කර ඇති බවද මෙම වාර්තාවේ ඇතුළත්.

ඉදිරියේදී තත්වය තවත් උග්‍ර වුවහොත් නිරාහාරව සිටින අඩු ආදායම් පවුල් සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි ලෝක ආහාර වැඩසටහන අවධාරණය කරන්නේ.

විශේෂයෙන් ගැබිණි මවුවරුන් හා ළමුන්ට මෙම තත්වය සුභදායක නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

මෙය මානුෂික ව්‍යසනයක් බවට පත් නොවීම සඳහා වහා පියවර ගත යුතුව ඇති බවයි ලෝක ආහාර වැඩසටහන අවධාරණය කරන්නේ.

COMMENTS