මෙල්බන් ව්‍යාපාරික ස්ථාන සම්බන්ධ Fake reviews සීඝ්‍රයෙන් ඉහළට

මෙල්බන් නගරයේ ව්‍යාපාරික ස්ථාන සම්බන්ධ Fake reviews සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඇතැමුන් පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා කෘත්‍රීමව මෙවැනි reviews සිදුකරන බවටයි අනාවරණ වී ඇත්තේ.

විශේෂයෙන් විදේශයන් හි කිසිදු ශාඛාවක් නොමැති ව්‍යාපාර පවා එවැනි පළකිරීම් සිදුකර ඇතැයි අනාවරණ වි තිබෙනවා.

පසුගිය මාසයේදීත් ගූගල් ආයතනය විසින් ව්‍යාජ reviews මිලියන 95 කට වැඩි ප්‍රමාණයක් සිය සමාජ ජාල තුළින් ඉවත් කරනු ලැබුවා.

මෙවැනි ව්‍යාජ reviews හඳුනාගැනීමට විශ්ව විද්‍යාල කිහිපයක්ද පියවර ගෙන තිබෙනවා.