ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් 04 වන එන්නතද අනිවාර්ය කෙරෙන ළකුණු

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නතද අනිවාර්ය කෙරෙන ළකුණු පළවී තිබෙනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසාන තීරණයක් ගෙන නොමැති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ඊයේ දිනයේ සිට විදෙස් සංචාරකයන්ට එන්නත්කරණයෙන් තොරව ඔස්ටේ්‍රලියාවට පැමිණිය හැකි වීමත් 04 වන කොවිඩ් රැල්ලක් ආරම්භවීමත් මෙහිදී සැළකිල්ලට ගෙන තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් ද ඊයේ දිනයේ නිවු සවුත් වේල්ස් හිදී මෙවැනි ඉගියක් පළකර තිබුණා.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ 04 වන එන්නත ලබාදෙනුයේ වයස අවුරුදු 65 ට වැඩි අයට පමණයි.

ජූලි අග – අගෝස්තු වනවිට කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළ යනු ඇති බවටද මේ අතර අනතුරු ඇගවෙනවා.

මිතුරා අහිමි වූ Molly ගැන තීරණයක් ගනී

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ වූ පොල්කිච්චෙකු වනජීවී බලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් පසු එම සත්වයා රැකබලා ගත් හිමිකරුවන් වෙත යළි ලබා දීමේ ව්‍යාපාරයකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයෙකු සහාය ලබා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හලකට යනවා නම් මේ ගැන බලන්න අමතක කරන්න එපා

පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පෙර මිල ගණන් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

Read More »

රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

Read More »

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »