ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට තවත් 03 ක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයන් තුන් දෙනෙකු නම් කර තිබෙනවා.

එළෙස ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත මානසිංහයි.

ඔවුන් ඊයේ දිනයේ සිට ශ්‍රී ලංකා සංචිතයට එක්වූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමද කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දින 05ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බැවින් ඔහුටද ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ලබන 08 වනදා ගාල්ල ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භ වීමට නියමිතයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »