මෙතෙක් නිල් වුණු ප්‍රේමදාස හෙට කහ වෙයි

ශ්‍රී ලංකාව තුල පවතින වත්මන් අර්බුදකාරී වටපිටාව මධ්‍යයේ වුවද දීර්ඝ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම පසු ගිය පළමුවැනිදා ශ්‍රී ලංකාවට ලඟා වුනා.

ඉන් අනතුරුව ඇරඹුණු එක් දින තරගාවලිය තවත් එක තරගයක් ඉතිරිව තිබියදීම තරග තුනට එකක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඉන් ප්‍රීතියට පත් වූ මෙරට ප්‍රේක්‍ෂකයන් හෙට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අවසන් එක්දින තරගයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ගෞරවයක් ලබා දීමට සුදානම් වෙමින් සිටිනවා.

ඒ කහ වර්ණයෙන් යුත් ටී – ෂර්ට් පැළඳ හෙට (24) තරගය නැරඹීමට එක් වෙමින්.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම ප්‍රකශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ද පවසා තිබුණේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ගෞරවයක් ලබා දීමට එය හොඳම ක්‍රියාවක් බවයි.

ඒ අනුව හෙට (24) තරගය නැරඹීමට ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ටී – ෂර්ටයට සමාන කහ පැහැති ඇඳුමකින් සැරසී තරගය නැරඹීමට එක් වන ලෙස ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »