වික්ටෝරියා traffic camera මෝටර් රථයකට දින 09 කදී 02 වන වරටත් ප්‍රහාරයක්

වික්ටෝරියා traffic camera මෝටර් රථයකට දින 09 ක් තුළදී 02 වන වරටත් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

එහි වීදුරු සහ ටයර්වලට දැඩි ලෙස හානි සිදුවී ඇති බව සඳහන්.

අප්‍රේල් 25 වනදා සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තය තුළ traffic camera මෝටර් රථයකට එල්ල වූ 04 වන දරුණු ප්‍රහාරය මෙයයි.

මෙම සිදුවීම් සියල්ල එකම පිරිසකගේ ක්‍රියා බවටද වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සැක පළකරනවා.

ඊයේ රාත්‍රී 09 ට පමණ Point Lonsdale හි Bellarine Highway ආසන්නයේදීයි නවතම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

 

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »