Update : මුරුගප්පන් පවුල Bileola නගරයට / වැඩ බලන ස්වදේශ ඇමති අනුමැතිය දෙයි

වසර කිහිපයක් පුරා ඔස්ටේ්‍රලියාව තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලට ඔවුන් පෙර සිටි නගරයේම නැවත පදිංචිවීමට වත්මන් ලේබර් පාලනය අවසර දී තිබෙනවා.

මුරුගප්පන් පවුල නමින් ජනප්‍රිය මෙම පවුලේ පියා සහ මව ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ බෝට්ටු මාර්ගයෙන් එරටට පළාගොස් තිබුණා.

පියා එල් ටී ටී ඊ හිතවාදියෙකු බවයි පසුව අනාවරණය වූයේ.

ඔස්ටේ්‍රලියාවේදී තාවකාලික වීසා මත සිටි මොවුන් දෙදෙනා පසුව විවාහවූ අතර දියණියන දෙදෙනෙකු ලබා තිබුණා.

කෙසේවෙතත් පැවති ලිබරල් රජයේ දැඩි සංක්‍රමණ නීති හමුවේ මොවුන්ගේ සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේපවීමෙන් පසු ක්‍රිස්මස් දූපතේ පිහිටා ඇති රැඳවුම් කඳවුර වෙත මාරු කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

එහෙත් අවසාන මොහොතේදී එය වැළකී ගියේ මානව හිමිකම් සංවිධාන විසින් කල කරුණු දැක්වීමක් සැළකිල්ලට ගෙන අධිකරණය දුන් නියෝගයක් අනුවයි.

පසුව මෙම පිරිස නැවතත් ක්‍රිස්මස් දූපතට රැගෙනවිත් තිබුණේ ගුවන් යානයද ආපසු ගොඩබැස්වීමෙන් පසුවයි.

ඉන් කලකට පසු මෙම පවුලේ බාලම දැරිය අසනීප තත්වයක් හමුවේ පර්ත් නගරයට ගෙන ඒමත් සමග මෙම ලාංකික ද්‍රවිඩ පවුල පිළිබඳ දැඩි කථාබහක් නිර්මාණය වුණා.

පසුගිය ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මැතිවරණයේදීත් එය ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූ අතර ලේබර් පක්ෂය දන්වා සිටියේ මැතිවරණයේදී තමන් ජයගතහොත් මෙම පවුලට නැවතත් ඔවුන් පළමුවෙන් පදිංචි වී සිටි ක්වීන්ස්ලන්ඩ් හි බිලෙයෝලා නගරයට පැමිණිමට අවසර දෙන බවයි.

ඒ අනුවයි වැඩ බලන ස්වදේශ අමාත්‍ය ජිම් චාමර්ස් විසින් ඊට අදාළ අවසන් අනුමැතිය අද ලබා දී ඇත්තේ.

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »

සුපිරි වෙළඳසැල් සේවකයන් පාරිභෝගිකයන්ගෙන් ආරක්ෂා කර ගන්න අලුත් වැඩක්

නවසීලන්තයේ Woolworths සුපිරි වෙළදසැල්හි කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් සිදුවන හිංසන ඇතුලු ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳුමේ කැමරා පැළඳීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඉලොන් මස්ක්ගේ සාමාන්‍ය දැනීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමේ දර්ශන ඇතුලත් වීඩියෝ ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීස් ඉලොන් මස්ක්ට චෝදනා එල්ල කර තිබෙනවා.

Read More »

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »