වැඩිවන විදුලි බිල් සඳහා ප්‍රාන්ත කිහිපයකින් සහන

ඉහළ යන විදුලි බිල් ගාස්තුවලට සාපේක්ෂව ප්‍රාන්ත කිහිපයක් විසින් සිය ප්‍රාන්තවාසීන්ට විවිධ සහන දීමේ සැළසුම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අනුව විදුලි බිල් ගෙවීමට අපහසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ට වසරකට ඩොලර් 1600 ක උපරිමයක ආධාරයක් සඳහා අයදුම් කිරීමට ලබන සතියේ සිට අවස්ථාව උදාවනවා.

විදුලි බිල් සඳහා අවස්ථා 02 කදී හා ගෑස් බිල් සඳහා අවස්ථා 02 කදී ලෙස ඩොලර් 400 බැගින් එම සහන ඉල්ලා සිටිය හැකියි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තීරණය කර ඇත්තේ සෑම විදුලි බිලක් සඳහාම ඩොලර් 175 ක ගාස්තු කපා හැරීමක් සිදුකිරීමටයි.

විදුලි බිල් ගෙවීම සඳහා සෑම වික්ටෝරියා නිවසකටම ඩොලර් 250 ක් බැගින් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය යුතුයි.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් ඩොලර් 233 ක් ලෙසත් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් ඩොලර් 400 ක් ලෙසත් විදුලි බිල් සඳහා ගාස්තු කපා හරිනු ඇති.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »