ලංකාවට IMF වෙතින් කොළ එළියක්

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා තවදුරටත් සහය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළි ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාක්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවල එක් අදියරක් අවසන් කිරීමෙන් පසුවයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ස්ථිරසාර ක්‍රමවේදයන්ගෙන් සමන්විත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට අනෙකුත් පාර්ශ්වයන්ගේ සහය ද ලබා ගනිමින් කාලෝචිත පියවර ගන්නා බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇතැයි සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා සහය දක්වන වැඩසටහනක් වෙනුවෙන් ණය තිරසරභාවය යථාතත්ත්වයට පත්කරන බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය බවයි.

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »