Temporary Graduate වීසා ලාභීන් රැසකගේ වීසා කාලය දීර්ඝ කෙරේ

වීසා කාණ්ඩ 485 යටතේ Temporary Graduate වීසා ලාභීන් රැසකට ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා වීසා බලපත් කාලය දීර්ඝ කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දැනට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නොහැකිව සිටින සහ දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින Temporary Graduate වීසා ලාභීන් විශාල පිරිසකට මෙමගින් සහන අත්වනු ඇති.

කෙසේවෙතත් ඔවුන් පහත දැක්වෙන කොන්දේසි සපුරාලිය යුතු වනවා.

පසුගිය දෙසැම්බර් 15 වනදා වනවිට Temporary Graduate වීසා බලපත්‍රයක් තිබීම / දැනට පවතින වීසා බලපත්‍රය ලබන සැප්තැම්බර් 30 වනදාට පෙර කල් ඉකුත්වීම / පසුගිය දෙසැම්බර් 15 වනදාට පෙර වීසා බලපත්‍රය අවලංගුව නොපැවතීම යන කොන්දේසි සපුරාලන ලාභීන්ට මෙම වරප්‍රසාදය අත්වනවා.

මේ සඳහා නැවත අයදුම් කිරීමක් අවශ්‍ය නොවන අතර ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් එම දීර්ඝ කිරීම සිදුකරනු ඇති.

ඒ සඳහා කිසිදු වීසා ගාස්තුවක් අය කරන්නේද නැහැ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර පහතින් :

https://immi.homeaffairs.gov.au/news-media/archive/article?itemId=812

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »