ACS සම්මාන උළෙලේ Emerging ICT Professional සම්මානයට මෙවර ලාංකිකයෙකුත්

DILAN JAYASEKARA

ACS හෙවත් Australian Computer Society විසින් මෙහෙයවන ACS Digital Disruptors Awards සම්මාන උළෙලේ Emerging ICT Professional of the Year සම්මානය සඳහා මෙවර ශ්‍රී ලාංකිකයෙකුත් නිර්දේශ වී තිබෙනවා.

අවසාන වටය සඳහා තෝරා ගැණුනු 04 දෙනා අතරට ඔහුත් අයත්.

ඩිලාන් කල්ප ජයසේකර පතිරණගේ නම් ඔහු සමග අප කල සංවාදයයි මේ.

අපිට කියන්න ඔබ ඔස්ටේ්‍රලියාවට පැමිණි ආකාරය

ශ්‍රී ලංකාවේදී මූලික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු පළමු උපාධිය ලබාගත්තාට පස්සේ මම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා කිහිපයක නිරත වුණා.

මම 2017 වසරේ පෙබරවාරි ඔස්ටේ්‍රලියාවට ආවේ මාස්ටර්ස් හදාරන්න. වසර 02 කට පසු ඉන්ටර්න්ශිප් ලැබුණා. පස්සේ මට Pitcher partners කියන ගණකාධිකරණ ආයතනයේ රැකියාවක් ලැබුණා.

ඒ රැකියාව කරගෙන ඉන්න අතරතුර ACS  විසින් මෙහෙයවන මෙම සම්මාන උළෙලේ Emerging ICT Professional of the Year සම්මානයට නිර්දේශ වුණා.

මේ සම්මාන උළෙල ගැන පැහැදිලි කලොත්

සෑම වසරකම පවත්වන සම්මාන රාත්‍රියක් මේක. හැබැයි කොවිඩ් නිසා පසුගිය වසර 02 දී මේක පැවැත්වුණේ නැහැ. අන්තිම 04 දෙනාට තමයි මාව නිර්දේශ වෙලා තියෙන්නේ.

ශිෂ්‍ය වීසා මත ඇවිල්ලා මෙතරම් කෙටි කාලයකින් මෙවැනි සම්මානයකට ලාංකිකයෙකු නිර්දේශ වූ පළමු අවස්ථාව මෙයයි.

බොහෝ දෙනා දන්නේ නැහැ මෙවැනි අවස්ථාවන් තියෙනවා කියලා – හැමෝම යන්නේ එකම මාර්ගයක විතරයි ඒ අයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද ?

ඔව් හුග දෙනෙක් හිතාගෙන ඉන්නේ ජාත්‍යන්තර සිසුන්ට මෙවැනි අවස්ථා නැහැයි කියලා. අධ්‍යාපන කටයුතු ඉවර කරපු ගමන් සුලු සුලු රැකියා කරනවා. පහසුවෙන් ලැබෙන රැකියා කරනවා. අලුතින් යමක් කරන්න පෙළඹෙනවා ගොඩක් අඩුයි. එහෙම නැතිව සැගවිලා තියෙන වරප්‍රසාද හොයාගන්න උත්සාහ කරන්න.

අවසාන වශයෙන් මේ සම්මාන උළෙල පවත්වන දිනය – ස්ථානය ගැන පැහැදිලි කලොත්

පෙබරවාරි 23 වනදා සිඩ්නි නගරයේදී තමයි මේක පවත්වන්නේ. සම්මාන 08 ක් ඔක්කොම ලබාදීමට නියමිතයි. මට අමතරව තවත් එක් සම්මානයක් සඳහා (ICT Professional of the Year) වෙනත් ලාංකිකයෙකුක් නිර්දේශ වෙලා ඉන්නවා.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »