කඳුලු පිරි දෙනෙතින් ග්‍රෙග් හන්ට් පාර්ලිමේන්තුවෙන් සමුගනී

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සංවේදී කථාවක් සිදුකරමින් පාර්ලිමේන්තුවෙන් සමුගන්නා බව නිවේදනය කරනු ලැබුවා.

මෙම වසරේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අවසාන දිනය වූ අද ඔහු සිය විශ්‍රාම ගැනීම නිවේදනය කලේ තමා වෙත ලැබී තිබූ ප්‍රශංසාත්මක ලිපියක්ද සභාවට ඉදිරිපත් කරමිනුයි.

ග්‍රෙග් හන්ට් ගේ පාර්ලිමේන්තු දිවියට වසර 20 කට අධික වන අතර ඔහු නියෝජනය කලේ වික්ටෝරියා හි ෆ්ලින්ඩර්ස් ආසනයයි නියෝජනය කරනු ලැබුවේ.

2017 වසරේ සිට ග්‍රෙග් හන්ට් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලැබුවා.

අගමැති ස්කොට් මොරිසන් විසින් ග්‍රෙග් හන්ට් සේ සේවය ඇගයීමත් සමග ඔහු කඳුලු පිරි දෙනෙතින් යුක්තව සිටින අයුරු මාධ්‍ය වාර්තා කර තිබුණා.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »