ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිත කුඩා දරුවෙකු සිඩ්නි නගරයෙන්

ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාධිත කුඩා දරුවෙකු සිඩ්නි නගරයෙන් වාර්තා වී තිබේ.

ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ එන්නත්කරණයට ලක්කිරීමට නිර්දේශ ලැබී ඇති වයස් කාණ්ඩයට වඩා අඩු වයසකින් යුක්ත ළමයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

මෙම දරුවාගේ දෙමව්පියන්ද කොවිඩ් ආසාධිත බවට තහවුරු වී තිබේ.

ඔවුන්ටද ඔමික්‍රොන් ආසාධිතදැයි මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම පිරිස ගමන් කර තිබිම හේතුවෙන් සිඩ්නි නගරයේ ජනාකීර්ණ ස්ථාන රැසක් අවධානම් ලැයිස්තුවට නම් කර තිබේ.

  • Chatswood, Mantra Serviced Apartments 10 Brown Street Tuesday 23 November to Wednesday 1 December (all day)
  • Chatswood, Vodafone, Level 3, Westfield Shopping Centre 1 Anderson Street Wednesday 24 November 12.25pm to 12.40pm
  • Chatswood, Centrelink and Medicare 56-64 Archer Street Wednesday 24 November 1pm to 2.30pm
  • Chatswood, Priceline Pharmacy, Chatswood Interchange Shop 40, Concourse Level, Chatswood Interchange, Victoria Avenue Wednesday 24 November 1pm to 1.10pm
  • Chatswood, Woolworths, Chatswood Interchange, Shop 55, Chatswood Interchange, Victoria Avenue Wednesday 24 November 1pm to 2.30pm

මෙම අවස්ථාවලදී අදාළ ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »