Breaking: වික්ටෝරියා විශේෂ වසංගත පණත සම්මතයි

වසංගත සම්බන්ධයෙන් විශේෂිත නීති සම්මත කරගත් ඔස්ටේ්‍රලියාවේ පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය අද පත්වුණා.

ඒ දීර්ඝ කාලයක් පුරා ආන්දෝලනයට තුඩුදුන් විශේෂ වසංගත පණත වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී අද සම්මතවීමත් සමගයි.

කෙටුම්පතට පක්ෂව ඡන්ද 20 ක් ලැබුණු අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද 18 ක් පමණයි.

මේ අනුව මින් ඉදිරියට ප්‍රාන්තය තුළ වසංගත තත්වයන් හිදී නියෝග පැණවීමේ බලය හිමිවන්නේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාට නොව ප්‍රාන්ත අගමැතිවරයාට සහ සෞඛ්‍ය ඇමතිවරයාටයි.

මෙම පණත් කෙටුම්පතට එරෙහිව දීර්ඝ කාලයක් පුරා මෙල්බන් නගරයේ විරෝධතාද පැවැත්වුණා.

අද නව නීතිය සම්මත වූයේ සංශෝධන කිහිපයක්ද සහිතවයි.

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »