දිමුත් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් 07 දෙනා අතරට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් 07 දෙනා අතරට එක්වී තිබෙනවා.

ඒ, බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 07 වන ස්තානයට දිමුත් කරුණාරත්න පත්ව ඇත්තේ ස්ථාන 04 ක් ඉදිරියට පැමිණෙමින්.

දිමුත් මීට පෙර 2019 වසරේදී ලොව හොඳම පිතිකරුවන් 06 දෙනා අතරට එක් වුණා.

මීට අතරව ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ 23 වන ස්ථානයටත්, දිනේෂ් චන්දිමාල් 46 වන ස්ථානයටත් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා – බටහිර ඉන්දිය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තීරණාත්මක සිව්වන දිනය අදයි.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »