සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල යලි ගෙන්වාගැනීම අර්බුදකාරී තත්ත්වයක

මේ දිනවල සිම්බාබ්වේ තරග සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යලි ගෙන්වාගැනීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

ඊට හේතු වී ඇත්තේ අප්‍රිකානු කලාපයේ පැතිරී යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිම්බාවේද ඇතුළු රටවල් කිහිපයකින් ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණීම තහනම් කර තිබීමයි.

මෙම තත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන ගෙන්වාගැනීම සමඟ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමගින් ද තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

දකුණු අප්‍රිකාවෙන් හදුනාගෙන ඇති ඔමික්‍රොන් නව විකෘති කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් 06 ක සිට සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම අද සිට තහණම් කර තිබෙනවා.

අද සිට එය බලාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කලේ.

දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසෝතෝ, සිම්බාබ්වේ, ස්වාසිලන්තය සහ නැම්බියා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කලේ.

මෙම රටවල සිට වෙනත් රටක් බලා යාම සඳහා එනම් ට්‍රාන්සිට් ගුවන් මගීන් ලෙස පැමිණීමද තහණම් කර තිබෙනවා.

එම රටවල්වල සිට යම් අයෙකු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පිටත්ව ඇත්නම් එලෙස පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමු කෙරෙනු ඇති.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »