පූර්ණ එන්නත්කරණයට ලක්වූ ලාංකිකයන්ට නිරෝධායනයකින් තොරව සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට නැවතත් සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවද ඇතුලු රටවල් 06 ක් එම ලැයිස්තුවට ඇතුළත් කිරීමටයි එරට බළධාරීන් අද පියවර ගෙන ඇත්තේ.

මේ අනුව දෙසැම්බර් 14 වනදා සිට තායිලන්ත පුරවැසියන්ටත් දෙසැම්බර් 16 වනදා සිට ශ්‍රී ලංකාව – කාම්බෝජය – ෆීජි – මාලදිවයින සහ තුර්කියේ පුරවැසියන්ටත් නිරෝධායනයකින් තොරව සිංගප්පූරුවට ඇතුලුවිය හැකියි.

මේ අනුව සිංගප්පූරුව විසින් හඳුන්වාදුන් එන්නත්කරණ සංචරණ තීරු ක්‍රමය නම් මෙම ක්‍රමවේදයට යටත් වන රටවල් සංඛ්‍යාව 27 දක්වා ඉහළ යනු ඇති.

කොවිඩ් වසංගතයට පෙර චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිංගප්පූරුවට දෛනිකව ඇතුලුවන පුද්ගලයන්ගෙන් සියයට 60 කට ආසන්න පිරිසක් පැමිණ තිබුණේද මෙම රටවල් 27 නුයි.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »