දිමුත්, ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් අභිසය

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නව ලෝක වාර්තාවක් අභියසට පැමිණ තිබෙනවා.

ඒ, අඛණ්ඩව වැඩිම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකදී ලකුණු 50 ට වඩා වැඩියෙන් වාර්තා කළ පිතිකරු බවට පත්වීමේ ලෝක වාර්තාවටයි.

මේ වනවිට දිමුත් කරුණාරත්න අඛණ්ඩව ටෙස්ට් ඉනිම් 06 කදී අර්ධ ශතක රැස්කර ගෙන සිටිනවා.

එහි ලෝක වාර්තාව වන්නේ අඛණ්ඩව ටෙස්ට් ඉනිම් 7 කදි අර්ධ ශතක රැස් කිරීමයි.

කුමාර් සංගක්කාර ඇතුළු පිතිකරුවන් හය දෙනෙකු මේ වනවිටත් එම ලෝක වාර්තාවට හිමිකම් කියනවා.

එහෙත් 1948 වර්ෂයේ සිට එම ලෝක වාර්තාව බිද හෙළීමට කිසිදු පිතිකරුවෙකුට මේ දක්වා හැකි වී නැහැ.

ඒ අනුව කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදී දිමුත් අර්ධ ශතක දෙකක් රැස්කර ගත හොත් ඔහුගේ නම ඉදිරියේ නව ලෝක වාර්තාව සටහන් වනු ඇති.

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සදුදා ගාල්ලේදී ආරම්භ වනවා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »