පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 187 ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව ලකුණු 386 ක් රැස්කළ අතර කොදෙව්වන් පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 230ක් පමණයි.

දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව ලකුණු191ක් රැස් කළා.

ඒ අනුව තරගය ජය ගැනීමට කොදෙව්වන්ට හිමිවූ ඉලක්කය ලකුණු348ක්.

තරගයේ පස්වන හා අවසන් දිනය වූ අද සියල්ලන් දැවී කොදෙව් කන්ඩායමට රැස්කරගැනීමට හැකි වුනේ ලකුණු 160ක් පමණයි.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »