ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි 489, 491 සහ 494 වීසා කාලයද දිගු කරයි

ඔස්ට්‍රේලියාවේ regional කලාපයක පමණක් රැකියා කළ යුතු පූර්ණ කාලීන රැකියා වීසා වන 489, 491 සහ 494 වීසා ලාභීන්ගේ වීසා කාලයද දීර්ග කිරීමට මධ්‍යම රජය තීරණය කර තිබෙනවා.

මේ වන විට 489, 491 සහ 494 වීසා හිමියන් 9,000 ක් පමණ ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිටින බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පවසයි.

මෙම වීසා කාණ්ඩයේ වීසා බලපත් හිමි පුද්ගලයන්ටද ලබන දෙසැම්බර් 01 වනදා සිට ඔස්ටේ්‍රලියාවට පැමිණිය හැකි අතර වීසා දිගුවක් සඳහා ඉල්ලුම් කල හැකි වනවා.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට නිශ්චිත කාලයක් අදාළ කලාපයේ නිශ්චිත සේවා පැය ගණනක් රැකියා කළ යුතු වනවා.

නමුත් කොවිඩ් හේතුවෙන් එම අවශ්‍යතා සපුරාලීමට බොහෝ 489, 491 සහ 494 වීසා හිමියන්ට නොහැකි වීම සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

source:

https://minister.homeaffairs.gov.au/AlexHawke/Pages/visa-changes-to-support-the-reopening-of-australia.aspx

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »