2024 දී ඔස්ටේ්‍රලියා විදුලි බිල්පත් ගාස්තු ඩොලර් 77 කින් පහළට

2024 වසරේදී ඔස්ටේ්‍රලියාව පුරා විදුලි පාරිභෝගිකයන්ගේ බිල්පත් ගාස්තුව ඩොලර් 77 කින් පමණ අඩු වනු ඇතැයි නවතම වාර්තාවක් හෙළිකරනවා.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය ඉහළ යාම හමුවේ විදුලි නිෂ්පාදකයන්ට උත්පාදන පිරිවැය අඩුවීම ඊට හේතුවයි.

ඒ අනුව 2024 වසරේ ජූනි මාසය වනවිට විදුලි බිල්පත් ගාස්තු දැනට පවතින අගයන්ට සාපේක්ෂව සියයට 06 කින් පමණ අඩු වනු ඇති බවට අපේක්ෂිතයි.

එසේ වුවහොත් ඔස්ටේ්‍රලියාව තුළ විදුලි බිල් ගාස්තු 2017 වසරෙන් පසු සටහන් වන අඩුම අගයන්ට පත්වනු ඇති.

ඉදිරි වසර 03 තුළදී ඔස්ටේ්‍රලියාව තුළ ගල් අගුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය සැළකිය යුතු මට්ටමකින් අඩුවනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »