ක්වීන්ස්ලන්ඩ් සිට වික්ටෝරියා දක්වා ප්‍රදේශ රැසකට අද ජල ගැලීම් අනතුරු ඇගවීම් - AusLanka TV - Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් සිට වික්ටෝරියා දක්වා ප්‍රදේශ රැසකට අද ජල ගැලීම් අනතුරු ඇගවීම්

ක්වීන්ස්ලන්ඩ් සිට වික්ටෝරියා දක්වා ප්‍රදේශ රැසකට අද ජල ගැලීම් අනතුරු ඇගවීම්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත කිහිපයක පවතින වර්ශාධික කාළගුණයේ ඉහළම දිනය ලෙස අද සටහන් වනු ඇති බවට කාළගුණ අංශ අනාවැකි පළ කරනවා.

ඒ අනුව ක්වීන්ස්ලන්ඩ් සිට වික්ටෝරියා දක්වා ප්‍රදේශ රැසකට ජල ගැලීම් පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ලබන සතියේ සිට වැසි තත්වය අඩු වනු ඇති නමුත් තරමක සිසිල් ස්වභාවයක් ගනු ඇති බවටයි කාළගුණ අංශ අනාවැකි පළකරන්නේ.

අද දිනයේදී මිලිමීටර් 25 ත් 100 ත් අතර මට්ටම්වලින් වර්ශව පවතිනු ඇති බවද සඳහන්.

සෙනසුරාදා වනවිට නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල සැළකිය යුතු මට්ටමකින් වර්ශාපතනය අඩුවනු ඇති බවටයි කාළගුණ අංශ පවසා සිටින්නේ.

https://www.abc.net.au/news/2021-11-25/national-rain-update-more-rain-to-come/100648688?utm_medium=social&utm_content=sf251504865&utm_campaign=fb_abc_news&utm_source=m.facebook.com&sf251504865=1&fbclid=IwAR1JRFsBj2y6IuuQfLAdUzsKg1wfgJNxTHKQAUraT6JxSVujbs3MhlwqBKw

COMMENTS