ඔස්ටේ්‍රලියාව තුළ ආගමික වර්ගවාදය පිටුදකින පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ඔස්ටේ්‍රලියාව තුළ ආගමික වර්ගවාදය පිටුදකින පණත් කෙටුම්පත අගමැති ස්කොට් මොරිසන් විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම පණත සම්මත වුවහොත් අදහන ආගම අනුව ඔස්ටේ්‍රලියාව තුළදී කිසිවෙකුත් ගැරහීමට ලක් කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

එමෙන්ම ආගමික පදනම මත ක්‍රියාත්මක වන පාසල්වලට කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීමේදී වෙනත් ආගමිකයෙකු වුවද අවහිරයකින් තොරව බඳවා ගැනීමට මෙමගින් අවස්ථාව උදාවනවා.

ඊට අමතරව ජාතිය සහ ලිංගිකත්වය මත පුද්ගලයන් වෙනස්කොට සැළකීමද නව පණත් කෙටුම්පත මගින් තවදුරටත් ශක්තිමත් වන බවයි අගමැති ස්කොට් මොරිසන් කියාසිටියේ.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාව තුළදී වර්ගවාදයට එරෙහි නීති තවදුරටත් ශක්තිමත් විය යුතු බවටයි සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ.

pic – AAP

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »